fbpx
More

    විභාග කල්දැමීමේ සූදානමක්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නියමිත පරිදි නිම කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය පෙළ විභාගයද කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    ඒ විපක්ෂය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්,

    “විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම නිශ්චිත වකවාණුවේ අපි ඉවර කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ප්‍රතිඵල පමාවෙනවා. එහෙම වුණොත් ඊළඟ විභාගය කල්යනවා. එහෙම වුණොත් ඒක සාමාන්‍ය පෙළ විභාගයටත් බලපාන්න පුළුවන්. සාමාන්‍ය වාර සටහනටත් ඒක බලපානවා. ඒක නිසා මම ඉල්ලීමක් කරා සියලුදෙනාගෙන්ම ඊයේ හම්බුණ වෘත්තීය සමිතිවලිනුත් ඔබතුමන්ලා එකඟවෙලා මේකේ විසඳුම් ක්‍රියාමාර්ගයට එන්න. අපිට පුළුවන් ප්‍රමාණය අපි දැන් අමාත්‍යංශය හැටියට කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලා යහපත් ප්‍රතිචාරයක් දක්වන්න කියන ඉල්ලීම කරා විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන්. මොකද අපි දීමනා යම් ප්‍රමාණයකින් වැඩි කළා ආර්ථික අපහසුතාවය මැද වුවත්. ඒ ගැන සලකා බලලා දරුවන් වෙනුවෙන් ඒ කටයුත්ත කරන්නැයි කියන ඉල්ලීම මං කරලා තියෙනවා දෙපාරක් හම්බෙලා තියෙනවා නිල වශයෙන්. නොනිල වශයෙන් ඒ අයට දැනුම්දීලත් තියෙනවා.”

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව