fbpx
More

    පොහොයටත් මත්පැන් ඉල්ලූ ඩයනාට, ජනපති හොදටම කියල දෙයි…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    පොහොය දිනවලද සංචාරක හෝටල්වල පමණක් මත්පැන් විකිණීමට අවසර ලබාදිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ ඊට අදාළ යෝජනාවක්ද තමන් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේ ඇය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
    ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන්ට පොහොය දිනවල මත්පැන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීම කර්මාන්තයක් ලෙස ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බවයි.

    ඒ හේතුවෙන් සංචාරක හෝටල්වලින් පමණක් පොහොය දිනයේදීද මත්පැන් ලබාගැනීමට හැකි වාතාවරණයක් සකස් කළ යුතු බව පෙන්වා දී ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ‘නැති ප්‍රශ්න ඇති කර ගැනීමට කටයුතු නොකරන්න’ යනුවෙනි.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව