ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය දැවැන්ත ජන සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා සූදානම් වන ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සියළු නියෝජිතයින් වෙත නියෝග කර තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායකයන් අතර පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම උපදෙස ලබාදී තිබෙනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අදාළව ගම් මට්ටමින් තම පාක්ෂිකයන් හා ජනතාව දැනුවත් කිරීම තවදුරටත් ප්‍රබලව සිදුකිරීමට පියවර ගන්නා ලෙසද ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල බලගන්වන ලෙසද මෙහිදී රාජපක්ෂ මහතා ලබාදී ඇති උපදේශයයි.
සියළු වැඩකටයුතු ප්‍රබලව සිදුකරමින්, දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා පෙන්වා දි ඇත්තේ, මැයි රැලිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් ද ඉතා කඩිනමින් යෝජනා කරන ලෙසයි.