fbpx
More

    පිට පිට දඩ කන අගමැති…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට නැවත වරක් දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුගේ බලු සුරතලා උද්‍යානයක් වෙත රැගෙන ගිය අවස්ථාවේදීයී.

    අග්‍රාමාත්‍ය සුනාක් සිය, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් උද්‍යාන නීතිය අනුව බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන පැමිණිය යුතුයි. උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් සිදුවිය හැකි හිංසන මැඩපැවැත්වීම එහි අරමුණයි.

    කෙසේ නමුත් සුනාක් පවුල සිය බලු සුරතලා උද්‍යානයට රැගෙන ගොස් ඇත්තේ දම්වැලක් දැමීමෙන් තොරවයි. ඒ අනුව උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර දඩ නියම කර තිබෙනවා.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    ආසන පටි නොපැලඳ මෝටර් රථයේ පසුපස අසුනේ අසුන් ගෙන, ජංගම දුරකතනයෙන් වීඩියෝවකට පෙනී සිටීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙරද ඔහු දඩ දඩුවමකට යටත්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව