fbpx
More

    ජාජබ වේදිකාවක අදහස් දැක්වූ විශිෂ්ටයාට බරපතල තහනමක්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    දේශපාලනය කිරීම සහ ඊට අදාළව අදහස් පළකිරීම හේතුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතාගේ සියළු වරප්‍රසාධ අවලංගු කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. ගුවන් හමුදා කඳවුරු තුළට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය යුතු සියලු පහසුකම් ලබාගැනීම ද අවලංගු කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

    පසුගිය 10දා සිට මෙසේ ඔහුගේ නම අසාදුලේඛනගත කර තිබෙනවා. ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු ලෙස සහ කීර්තිමත් නිලධාරියෙකු ලෙස සම්මාන ලබා ඔහු මීට වසර එකහමාරකට පෙර විශ්‍රාම ගෙන තිබුණා.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකර ඇති ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ද අදාළ කාරණය සනාථ කළ බව එම මාධ්‍ය විසින් වාර්තාකර තිබුණා. ජාතික ජනබලවේගයේ දේශපාලන වේදිකාවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම අසාදු ලේඛනගත සිදුකළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    ගම්පහ පැවැති ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් ඔහු ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කරමින් දක්වා තිබූ අතර, ‌ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දැනට විශ්‍රාම ගිය සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් තමන් නියෝජනය කරන දේශපාලන පාර්ශ්වය සමග කටයුතු කිරීමට සූදානම් බවට ඔහු කළ ප්‍රකාශය ඉතා ආන්දෝලනාත්මක කාරණයක් වන බවයි. එබැවින් කඳවුරු තුළට ගොස් දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ට බලපෑමක් කළ හැකි බැවින් ඔහුට මෙම තහනම පැනවූ බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව