නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුවීමෙන් අනතුරුව නවසීලන්තය ඇතුළු අදාළ කළාපයට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබනවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙම කම්පනය කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව ඇති බවද එම ආයතනය පවසනවා.