fbpx
More

    අලුත් සන්ධානයකින් රනිල් ජනාධිපතිවරණයට…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ප්‍රබල සන්ධානයක් පිහිටුවීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මකයි. දේශපාලන ආරංචි පවසන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් එක්ව මෙම සන්ධානය පිහිටුවීමට සූදානම් බවයි.

    එම සන්ධානයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පැවැරීමට නියමිත බවද ඒ සදහා සම නායකත්වයක් පත්කිරීමටද කැමැත්ත පළවී ඇති බවද එම ආරංචි පවසනවා. සම නායකත්වය භාරගනිමින් නව සන්ධානය සමග එක්වන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද දැනුම්දී ඇති බවද ඇයද එම ආරාධනය සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද දේශපාලන ආරංචි පවසනවා.

    එක්සත් ජාතික පක්ෂය යටතේ තවදුරටත් මැතිවරණ සදහා ඉදිරිපත් විය නොහැකි බැවින් මෙම සන්ධානය පිහිටූවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ වැඩපිළිවෙල ඉතා රහසිගතව සිදුකිරීමටයි තීරණය කර තිබෙන්නේ.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    මේ අතර සමගි ජනබලවේගයේ පිරිස්ද නව සන්ධානයට එක්කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද එම තොරතුරු අනාවරණ කළා.

    එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ද නව සන්ධානයට එක්වෙනු ඇති බවයි එම ආරංචි පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස නව සන්ධානයට එක්වන්නේද එසේත් නැතිනම් පුද්ගලයින් ලෙස තනි තනිව ඊට සම්බන්ධ වන්නේද යන්න පිලිබද තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව