ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධීපතිවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.
රජයේ ආරංචි පැවැසුවේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා සිය අවසන් තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ඒ අනුව ලබන 26 දා නව පොලිස්පතිවරයා ලෙස තෙන්නකෝන් මහතා වැඩ භාරගැනීමට නියමිත බවයි එම ආරංචි පැවැසුවේ.