පැෆ්රල් සංවිධානය අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් යොමුකර ඇති එම ලිපියෙන් විමසා ඇති ප්‍රධාන කාරණය වන්නේ මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගතහොත්, මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද යන්නයි.
01 – ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද ?
02 – දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක් ?
03 – එම නව සභික ප්‍රමාණය 50%ක් පමණ එනම් 4,000 ක් හෝ 5,000 ක ප්‍රමාණයක් දක්වා අඩු කරනවිට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද?, ඒ සඳහා අවශ්‍ය එකඟතා ලබාගෙන තිබේද ?
04 – දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද ? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද ?