අස්ථාවර හා ප්‍රතිපලදායක නොවන ආයතන 40 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසාදැමීමට රජය තීරණය කර තිබෙනවා. එම ආයතන සියල් මුදල් අමාත්‍යංශය යටතට ගෙන ඈවර කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.
කෙසේ වෙතත් එම ආයතන වසා දැමූවද එම ආයතවල සේවය කරන කිසිවෙකුට අසාධාරණයක් සිදුනොවන පරිදි එම කටයුතු සිදුකරන බවයි රජය පවසන්නේ. ඇතැමුන් වෙනත් ආයතන වෙත අනුයුක්ත කිරීමටත්, කැමැති අයට වන්දි මුදලක් ලබාගනිමින් ඉවත්වීමට අවස්ථාව ලබාදීමටත් තීරණය කර ඇති බවයි රජයේ ආරංචි පවසන්නේ.