ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානම් බවද ඒ වෙනුවෙන් අට ලක්ෂයක අති දැවැන්ත හමුදා බලඇණියක් සීරුවෙන් තබා ඇති බවද උතුරු කොරියානු රජය පවසනවා. මෙම පිරිස අතර සිටින බහුතරය ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු පුරවැසියන් වන බවද ඒ අතර, සරසවි ශිෂ්‍යයන් සහ කම්කරුවන් සිටින බවද උතුරු කොරියාව පෙන්වාදී ඇති කාරණයයි.
ඇමරිකාව, දකුණු කොරියාව සමග එක්ව සිය රාජ්‍යයට තර්ජනයක් වන ආකාරයේ යුද අභ්‍යාස සිදුකරමින් සිටින බව පවසන උතුරු කොරියාව පෙන්වා දී ඇත්තේ ඇමරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනයක් එල්ල කිරීමට සිදුව ඇති බවයි. ඕනෑම මොහොතක ඇමරිකාව සහ උතුරු කොරියාව අතරේ යුද ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇති බවද එවැනි අවස්ථාවක ඇමරිකානු බලය බිද දැමීමට සූදානම් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.