fbpx
More

    අර්බුදය අවසන් – දැන් අපි ශක්තිමත්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද ලැබීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් වන බවයි. එය රටක් ලෙස ලංකාවට ශක්තිමත් අඩිතාලමක් සම්පාදනය කරන අවස්ථාවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත මෙම ක්‍රියාවලිය තුළ හිමිවන බවට විශ්වාසය පලකළ මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළ ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය ද ඉහළ යන බවයි. එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව ද ඔහු පවසනවා.

      කළුතර තරුණියක් අතුරුදන්…

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවද පවසන අධිපතිවරයා පවසන්නේ, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් ලෙසද සැලකිය හැකි බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව