ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබී ඇති බැවින්, ඊට අදාළ පොරොන්දු පත්‍රයට වහාම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාට බලය පැවැරීමට රජය තීරණය කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම බලය පැවැරීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනුමත ණය මුදල කඩිනමින් ලබාගැනීමේ අරමුණ සහිතව මෙම බලය පැවැරීම සිදුකර තිබෙනවා.