ජනාධිපතිවරණයක් කැදවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය බාධාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයෙකු නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, පළමු ධුරකාලයේ සිව්වන වසර ඉක්මවූ විට ජනාධිපතිවරණයක් කැදවිය හැකියි.
කෙසේ වෙතත් ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු නෙවන බවයි. එමෙන්ම ඡන්දයෙන් පත්නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට වසර හතරක කාලය ඉක්මවුවද ජනාධිපතිවරණයක් කැදවිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 31(අ)ඉ වගන්තිය මගින් නියම කර තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.