fbpx
More

    දුප්පතුන් පීඩාවට පත් නොකළ යුතුයි – අයි.එම්.එෆ්. කොන්දේසි එළි දක්වයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ මූල්‍ය පහසුකමට ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ එකඟතාවය හිමිවුණා. එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මාස 48ක් සඳහා වූ වැඩසටහනකට යටත්වයි.

    ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකම සැපයීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අද පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන අපේක්ෂාවන් මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ප්‍රකාශයට පත්කළා.

    • ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස කිසිවිටෙකත් නිර්දේශ නොකළ බව
    • පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
    • අප්‍රේල් අග වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතුය.
    • සිදුවෙමින් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ඇතිවන ධනාත්මක ලක්ෂණ ඝෘජුවම ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම පහසුකිරීම සඳහාම විය යුතුය.
    • ජුනි වනවිට දැනට ක්‍රියාත්මක ආනයන – අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත්කිරීමට පියවර ගත යුතුය.
    • බදු ආදායම වර්ධනය විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට උදව්වෙමින් සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂාවන ආකාරයටයි.
    • මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමය.
    • උද්ධමනය පාලනය වීමට මහෝපකාරී වන ආකාරයට මිල ස්ථායිතාවය ඇතිවීමත් සංචිත ශක්තිමත් කිරීමත් සිදුකළ යුතුය.
      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව