fbpx
More

    සජිත් බලය පෙන්වයි – පාර්ලිමේන්තුව කණපිට හැරෙයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    නීති විද්‍යාල විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ ගැසට්ටුව පරාජයට පත්වුනා. ඒ වැඩි ඡන්ද 112 කින්. ඊට පක්ෂව ඡන්ද – 01 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ඡන්ද ගණන – 113ක්.

    ඒ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍යය බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

    නීති විභාගය එළැඹෙන සතියේ පැවැත්වෙන්නේ නම්,ඊට සිංහල භාෂාවෙන්ද මුහුණදීමට අවස්ථාව සලසා දියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් පාර්ලිමේන්තුවේ අවදානයට යොමු කළා.

    නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම වැදගත් තීරණයක් වුවත්, ඒ සඳහා කටයුතු කළ යුත්තේ, ක්‍රමානුකූලව බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

    අදාළ තීන්දුව කැබිනට්ටුවට රැගෙන ගොස් පාර්ලිමේන්තුවට ගෙනඒමේ අවශ්‍යතාවයක් නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා, වහාම පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වා හෝ අදාළ තීන්දුව අදම ගන්නා ලෙසද ඉල්ලා සිටියා.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    අදාල ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනේ ඒ අනුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව