fbpx
More

    33,000 ට ගුරු පත්වීම් – රජයෙන් අලුත්ම නිවේදනයක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    මැයි මාසයේ අවසන් වීමට පෙර නව ගුරුවරුන් 33,000 ට පමණ පත්වීම් දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා. එමෙන්ම විශ්වවිද්‍යාලවලින් පිටවී සිටින උපාධිධාරීන්ව ද පළාත් මට්ටමෙන් ගුරු සේවයට බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවද ඔහු පැවැසුවා.

    “ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව 7,500ක් පමණ වන්නා වූ විද්‍යාපීඨ ගුරුවරුන්.. මේවන විට ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට යවලා තියෙනවා. එහි සමීක්ෂණයෙන් පස්සේ මාර්තු 31 වනවිට ප්‍රතිඵල අවසාන වශයෙන් නිකුත්වෙනවා. ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසැල් සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් අනුව පළාත්වලට අපි යොමුකරනවා. පළාත් පාසල්වල ගුරු හිඟය අවම කිරීම සඳහා විද්‍යාපීඨ පත්වීම් ලබාදෙන්න. ජාතික පාසල්වල ගුරුවරුන් අමාත්‍යාංශ මගින් පත්වීම් ලබාදනේන සැලසුම් කරලා තියෙනවා. බොහෝදුරට අප්‍රේල් මාසය අවසන්වීමට මත්තෙන් විද්‍යාපීඨ ගුරුවරු 7,500 ස්ථාන ගතකරන්න හැකියාව ලැබෙයි.”

    “ඊට අතිරේකව උපධිධාරීන් 26,000 බදවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවලා මේ වන විට විභාග අයඳුම්පත් යවලා තියෙනවා. විභාය මේ සෙනසුරාදා පැවැත්වෙනවා. ඒකට 53,000ක් උපාධිධාරීන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටිමෙන් පස්සේ ලැපෙන ප්‍රතිඵල අපි සති දෙකක් උත්තර පත්‍ර සමීක්ෂණයට සැලසුම්කරලා තියෙනවා. ඒ ප්‍රතිඵල අපි පළාත්වලට භාරදෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ පළාත් පදනමින් පත්වීම් ලබාදෙන්න එ් සියලුම ගුරවරුන්ට.”

    “මේ ක්‍රමදෙක තුළන් 33,000ක් පමණ ගුරුවරු මැයි මාසයේ මැද වනවිට පත්වීම් දීලා අවසන් කරන්න පුළුවන්. මේ කාණ්ඩ දෙකෙන්ම.” 

    “මීට අමතරව අපි සමීක්ෂණයක් කරගෙන යනවා විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, තාක්ෂණය උසස්පෙළ සඳහා ගුරුවරුන් ඒ පිරවීමෙන් පස්සෙත් කොපමණ අඩුද කියන එක ගණනය කරලා ඒවා වෙනම  අපි පළාත් මගින් බඳවාගන්නා ආකාරයට ළඟදී විශ්වවිද්‍යාලයෙන් පිට වුණ උපාධිධාරීන්ට අවස්ථාව ලැබෙනවා ඒ සඳහා පළාත් මට්ටමින් පත්වීම් ලබාගන්න.”

      කළුතර තරුණියක් අතුරුදන්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව