fbpx
More

    අලුත් මුදල් එකකයක් – ඩොලරය පිරිහෙයි – අලුත් ලෝක තත්ත්වයක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමටයි නායකයින් තීරණය කර තිබෙන්නේ. රුසියානු – යුක්රේන යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවූ අතර, එය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    රුසියාව මේ වන විටත් සිය වෙළඳාම් සිදු කිරිම සඳහා ඩොලරය වෙනුවට, චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කිරීමටද පෙළඹී තිබෙනවා. පසුගිය සතියේ මොස්කව් නුවරදී රුසියානු ජනපති සහ චීන ජනපති අතර විශේෂ හමුවක් සිදුවූ අතර, එහිදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව හා ආසියානු රටවල් මෙන්ම ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන‌ ලෙසයි.

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    මේ අතර අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවනු ඇති බවටද අනාවැකි පළවෙමින් තිබෙනවා. අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් ගැන යෝජනා කරන වාතාවරණයක මෙම අවධානම නිර්මාණය වෙමින් පවතින බවයි.

    ඩොලරය පහත වැටෙමින් පවතින බවද ලෝකයේ ඇමරිකාවට හිමි වී ඇති ස්ථානය අහිමි වෙමින් පවතින බවද පවසන ට්‍රම්ප් පෙන්වා දෙන්නේ අවුරුදු 200 කින් පමණ පසු ඇමරිකාව ලබන දරුණුතම පරාජයද එය වන බවයි. එයින් ඇමරිකාව සතුව පවතින ලෝකයේ බලය අවම වනු ඇතැයිද එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවහොත් ඔවුන් කිසිවෙක් බයිඩ්න් රජය තරම් හානියක් සිදුකර නැතැයිද ට්‍රම්ප් පවසනවා. ඇමරිකාව යනු කඩා වැටෙමින් පවතින රාජ්‍යයක් බව පවසන ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ඇමරිකාව ප්‍රතික්ෂේප වෙමින් සිටින රාජ්‍යයක් වීමට ඉඩ දිය නොහැකි බවයි.

      මස්, මාළු සහ බිත්තර මිලේ ලොකු වෙනසක්….

    මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් ද අවධාරණය කර ඇත්තේ, සිය රටට ආයෝජන ගෙන්වා ගැනිමේදී ඩොලරය මත පමණක් යැපීම තවදුරටත් සිදු කළ නොහැකි බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව