රුසියාව හෝ චීනයෙන් අමෙරිකාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඇමරිකාවට බලපෑම් එල්ල වන්නේ ඇමරිකාව තුළින්ම බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබුණා. එමෙන්ම ට්‍රම්ප් එහිදී පෙන්වා දී තිබුණේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු වන බවයි. රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම් ඇමරිකාවේ හතුරන් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
මම කියනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන්. මං කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා. ඔවුන්ට මට ගෞරව කරනවා.” යනුවෙන්ද ට්‍රම්ප් එහිදී අවධාරණය කර තිබුණා.
එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම රුසියාව සිදු නොකළ බව පවසන ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, ඇමරිකාව අමාරුවේ දැමීමට ඇතැමුන් විවිධ කතා ගොතමින් ජනතාව නොමග යවමින් සිටින බවයි.
ඒක නොකළේ කවුද කියලා කියන්නම්. රුසියාව නෙමෙයි. ඔවුන් කියන විදිහට රුසියාව තමන්ගෙම නළ පද්ධතිය පුපුරවා ගත්තා. ඒ රුසියාව නෙමෙයි. පුටින් දක්ෂ මනුස්සයෙක්. ඒත් ගිය අවුරුද්ද ඔහුට හොඳ වසරක් නෙමෙයි.”
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ විදෙස් ප්‍රතිපත්ති දැඩි සේ විවේචනයට ලක් කරන ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, තායිවානයට නොයන ලෙස තමන්ව්වා උපදෙස් ලබාදී තිබූ බවයි.
ගියොත් නිකන් ප්‍රශ්න ඇතිවෙනවා. පුටින් ගැනත් කිව්වේ ඒක. ඔහු යුක්‍රේනයට අත තිබ්බොත් ලේසි වෙන්නේ නැහැ. දැන් බලන්නකො ලෝකෙම ලොකු අවුලකට පත්වෙලා. සෞදි අරාබියෙදි වුණ දේ බලන්න. ඒ විශිෂ්ට මිනිස්සු අපිට උදව් කරන්න සූදානම් වෙලා හිටියෙ. ඔහු අතට අත දුන්නේ නැහැ. ඔයා දන්නවද ඔය විදිහට කරන එකේ තේරුම. ඔයාගේ අත අපිරිසිදුයි කියන එක. ඔහුට කළේ ලොකු නින්දාවක්.” යනුවෙන්ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.