උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා කිරීම මගින් අවුරුදු 18-20 වයස් සීමාවේ පසුවන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවද එම තරුණ අසහනයෙන් අනිසි ප්‍රයෝජන ගනිමින් පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට අන්තවාදී පටු දේශපාලනික කොටස් උත්සහ දරන බවද බුද්ධි අංශ විසින් වාර්තා කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් මේ වන විට සහභාගී වෙමින් සිටින බැවින්, ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වා එම ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගන්නා බවයි.
මෙම විභාගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් ද පෙනී සිට ඇති බැවින් ඔවුන් ගැන මෙන්ම අනෙකුත් සියලු දරුවන් ගැන ද සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එක්වීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හා ගුරුවරුන්ගේ වගකීම හා යුතුකම වන බවයි.
එමෙන්ම උත්තර පත්‍ර පරීක්ෂාව, ක්ෂණික විකල්ප රහිත භාරදූර වගකීමක් බවද පෞද්ගලික වාසි අවාසි නොතකා පොදු ජාතික අවශ්‍යතාවක් සේ සලකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එම සේවය සැලසීමට කඩිනමින් එක් වනු ඇතැයි සමස්ත සමාජයම අපේක්ෂා කරන බවද ඔහු සිහිපත් කළා. විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවා.