කළකිරුණු මිනිසකුගේ චරිතයකට පන පොවමින් අවුරුදු උත්සවයක විකට ඇදුම් තරගයට ඉදිරිපත් වූ අපූරු ප්‍රදර්ශනයක් පිළිබද තොරතුරු වාර්තා වනවා. ඒ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ලාග ප්‍රදේශයෙන්.
ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ අවූරුදු උත්සවයේ විකට ඇඳුම් තරඟයට විශේෂ ඉදිරිපත් වූ මෙම ඉදිරිපත් වීම ඉතා සුවිශේෂී වන්නේ ඒ කෙරෙහි රටේම අවධානය යොමුවීම හේතුවෙන්.
මුලු සිරුරම වැසෙන පරිදි මැටි ගසා පිළිමයක ස්වරුපයෙන් මෙම නිරූපණය ඉදිරිපත් කිරීමට අදාළ පුද්ගලයා සමත්වී තිබෙනවා. පුරා පැය 05 කට ආසන්න කාලයක් එකම ඉරියව්වකින් හිඳ ඔහු චරිතය නිරූපණය කළ බවයි ප්‍රදේශවාසීන් පැවැසුවේ.