fbpx
More

    පුටින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් – රුසියාව ප්‍රති ප්‍රහාරවලට සැරසෙයි…

    Must read

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රෙම්ලීනය නිවේදනය කර ඇත්තේ අදාළ ප්‍රහාරය සාර්ථකව මැඩපැවැත්වූ බවයි. ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වී තිබෙනවා.

    බීබීසී සේවය වාර්තා කළේ පුටින් ජනාධීපතිවරයා රැදී සිටින මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියානු ආරක්ෂක අංශ කටයුතු කළ බවයි. ඒ විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින්.

    කෙසේ වෙතත් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා එම මංදිරයෙන් පිටව ගොස් සිට ඇති බවද බීබීසී වාර්තාවේ දැක්වෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ යුක්රේනය වෙතයි.

    ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ලකිරීමට රුසියාවට අයිතියක් ඇති බව පවසන ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකයින් අවධාරණය කර ඇත්තේ, මෙම ප්‍රහාරය මුල්කරගනිමින් රුසියානු ජනාධිපතිවරයාගේ කිසිදු ඉදිරි වැඩසටහනක් වෙනස් නොකරන බවයි.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව