fbpx
More

    ආර්ථිකය අඹු සැමියන් අවුලුවයි – අලුත්ම වාර්තාවකින් බරපතල අනතුරක් පෙන්වයි…

    Must read

    ආර්ථිකයේ දෙදරීම නිවෙස්වල යහපැවැත්ම අභියෝගයට ලක්කර ඇති බව මෑතක සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. . යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගීතා ආයතනය, ශ්‍රී ලංකා බැරෝමීටරය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

    එම වාර්තාව මගින් පෙන්වා දි ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා මෙම පීඩාකාරී තත්ත්වයට මුහුණ පා සිටින බවයි. එනම් සියයට 52ක තරම් ප්‍රමාණයකගේ නිවෙස්වල යහපැවැත්ම තර්ජනයට ලක්ව ඇතැයිද ඊට ආර්ථික සාධක ප්‍රධානම හේතුව වී ඇති බවද එමගින් පෙන්වාදී තිබෙනවා.

    නිවසේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහණයෙන් සියයට 22.7කට නොහැකි වී ඇතැයිද තවත් සියයට 17ක ප්‍රමාණයකට බලපා ඇත්තේ ඉහළ ජිවන වියදම සහ ඒ ආශ්‍රිත ආර්ථික ගැටළු බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    මෙරට ජනගහණයෙන් සියයට 13ක තරම් ප්‍රමණයක ජනතාවක් විරැකියාවෙන් පෙළෙන බව ද එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති තවත් කාරණයක්.

    පවතින ආර්ථික තත්ත්වය යම් කාලයක් තුළ සාමාන්‍ය මට්ටමකට පැමිණෙනු ඇති බවද ඒ දක්වා ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කිරීම තුළ පවුලේ යහපැවැත්ම ආරක්ෂා කරගත හැකි බවද එහි සදහන්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව