fbpx
More

    පොරොන්දම් බලා විවාහ වන්න – රට පුරා දරුණු තත්ත්වයක්…

    Must read

    තැලසීමියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යය වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 3%ක් තැලසීමියා වාහකයින් බව මේ වන විට අනාවරණ වී ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යය වෛද්‍ය සචිත් මෙත්තානන්ද මහතා

    “ලෝකයේ තැලසීමියාව බහුල රටවල් අතරින් එකක් තමා ශ්‍රී ලංකාව. තැලසීමියාව බහුල අනෙක් රටවල් ගත්තොත් ග්‍රීසිය, ඉතාලිය, සයිප්‍රසය වගේ රටවලට පුළුවන්කම ලැබිලා තියෙනවා තැලසීමියා රෝගීන් බිහිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. අපේ සෞඛ්‍ය සේවයට පහසුවෙන් ජනතාව අතරට යන්න පුළුවන්. එහෙම වෙලත් අපිට දශමයකින්වත් මේ තැලසීමියා රෝගීන් බිහිවීම වළක්වා ගන්න බැරිවෙලා. එතනදී අපි කරන්න ඕන එකම දේ තැලසීමියා වාහක දෙදෙනෙකු අතර විවාහය නවත්වන්න. හැමකෙනෙක්ම තමන්ගේ විවාහයට පෙර තැලසීමියා වාහකයෙක් ද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම සොයා ගත යුතුමයි. ලංකාවේ 3%ක් තැලසීමියා වාහකයින් කියලා හොයා ගත්තා. විවාහයට පෙර තැලසීමියා රෝගියෙක් ද කියලා හොයලා බලන්න. නොමිලේ කරගන්න.”

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    තැලසීමියා රෝගීන් දෙදෙනෙක් අතර විවාහයක දී 25%කට මහා තැලසීමියාව සහිත දරුවන් ඉපදීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, 50%ක් තැලසීමියා වාහක දරුවන් බිහිවීමටද ඉඩකඩ පවතිනවා. ඒ වගේම 50%ක් තැලසීමියා වාහකයින් නොවන අතර, දැනුවත් විය යුතු කාරණය වන්නේ කිසිම වේලාවක මෙැවනි විවාහවලදී මහා තැලසීමියා රෝගී දරුවන් බිහිනොවන බවයි. කේන්දර ගළපා ගන්නවාට වඩා විද්‍යාත්මක පදනමක් ඇති තැලසීමියා පොරොන්දම බලමින් විවාහයට යොමුවන ලෙස වෛද්‍යවරුන් සමස්ථ ජනතාවට උපදෙස් ලබාදෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව