හිටපු තුන්ඉරියව් ක්‍රීඩකු මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකු වූ , ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
එළැඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සිට ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
39 හැවිරිදි ඩැරන් සැමී 2010 වසරේදී පළමුවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ අතර ඔහු එම වගකීම නිසි ලෙස ඉටු කළේ, 2012 සහ 2016 වසරවල පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ද්විත්වයම තම රටට ගෙන දෙමින්.
පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම තවත් අභියෝගයක් බව පවසන සැමී පෙන්වාදී ඇත්තේ සැලසුම්සහගතව ඊට මුහුණ දීමට තමන් සූදානම් බවයි.