fbpx
More

    අඩු පොළියට ණය – ප්‍රතිශතය 6.5% යි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මම කටයුතු සඳහා ණය මුදල් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන්ට එම ණය මුදල් රාජ්‍ය බැංකු වෙතින් ලබාගත හැකියි.

    ඊට අදාළ සාකච්ඡා මේ වන විට සිදුකරමින් සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවැසුවේ.

    සියයට 6.5 ක අවම පොලී අනුපාතයක් යටතේ ණය නිකුත් කිරීමට නියමිතයි. පළමු අදියර ක්‍රියාත්මක වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්ක මූලික කරගනිමින්. තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමටයි මේ වන විට පියවර ගෙන තිබෙන්නේ.

    කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමිකරගත හැකියි.

      දේශීය වෛද්‍ය ඇමැති සම්බාහන මධ්‍යස්ථාන ගැන කියයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව