කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් අහෝසි කර පැය 12ක සේවා මුරයක් හඳුන්වාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතායි මේ බව අනාවරණ කර තිබෙන්නේ.
අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීම මෙහි අපේක්ෂාව බවද කර්මාන්ත හිමියන්ට අධික ලාභයක් ලැබීම මිස මෙවැනි තීරණ මඟින් සේවකයින්ට වාසියක් අත්නොවන බවද ඔහු අවධාරණය කළා.
ලෝකයේ වෙනත් රටවල් පැය 8ක සේවා මුරය පැය 6ක් දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියක් වෙත අවතීර්ණ වී සිටින අවස්ථාවක එම කාලය දීර්ඝ කරමින් ශ්‍රී ලංකාව ආපසු ගමන් කිරීමේ උත්සාහයක නිරතව සිටින බවටද ඔහු චෝදනා කර තිබෙනවා. මෙය කම්කරු අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් වන බවයි මාකස් මහතා අවධාරණය කර සිටින්නේ.
රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විවිධ ප්‍රචාරයන් සිදු කරමින් වසර ගණනාවක් පුරා වෘත්තීය සමිති දිනාගත් සියල්ල අහිමි කිරීමට රජය වෑයම් කරමින් සිටින බවද
සතියකට දවස් 4ක් වැඩ කළ යුතු වන අතර දවස් 3ක් නිවාඩු ලබා දී එම නිවාඩු දිනයන් වැටුප් රහිත ඒවා බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. සාමාන්‍ය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දින නිවාඩුව ඉවත් කර සතියේ කුමන හෝ දවසක එම නිවාඩුව ලබා දෙන්නට අවස්ථාව සකස් කර ඇති බවද ඔහු පෙන්වා දෙන තවත් කාරණයක්.
කම්කරු වෘත්තීය සමිති සංවිධාන සියල්ල එකතු වී මෙම අත්තනෝමතික උත්සාහය පරාජය කිරීමට සටන් කරන බවද අවධාරණය කරන ඇන්ටන් මාකස් මහතා අවධාරණය කර තිබෙනවා.