fbpx
More

    ජෙරම් සමග සම්බන්ධයක් – සජිත්ට අභියෝගයක්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    දේවගැනි ජෙරම් හා සජිත් ප්‍රේමදාස මහතා අතර යම් සබඳතාවක් පවතින බවට සැකයක් මතුවන බව හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ දේවගැතිවරයා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයා මේ දක්වා කිසිදු ස්ථාවරයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි. එම තත්ත්වය යම් සැකයකට හේතුවක් වන බවද හැරිසන් මහතා පවසනවා.

    එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත් එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය ස්ථාවරය පැහැදිලි කළ යුතු බවද ඔහු අවධාරණය කළා.

    දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශව සිය මතය ප්‍රකාශ කර ඇති පසුබිමක විපක්‍ෂනායකරයා නිහඬව සිටින්නේ මන්දැයි ඔහු විමසන කාරණයයි.

      පිටපත කාගේද - රට තුළ තවත් කළබලයක් ඇති කිරීමේ බරපතල සැලසුමක්..?

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව