විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණක් වන බව අනාවරණ වී තිබෙනවා. එම රුපියල් 294/- ක මුදල ඉවත් කළ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභය සඳහා වෙන්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු මෙලෙස එකතුවන බවයි.
බදු පැනවීම හමුවේ මත්පැන් මිල ඉහළ ගොස් ඇති බවද මේ තත්ත්වය තුළ මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටී ඇති බවද රජය පසුගියදා පැවැසුවා. එමෙන්ම මත්පැන් නිෂ්පාදකයන් යෝජනා කර ඇත්තේ, මත්පැන් බද්ද රුපියල් 2000/- කින් අඩු කරන ලෙසයි.