fbpx
More

    ජනක එලවන යෝජනාවට බහුතරය විරුද්ධ වන තත්ත්වයක් – බැසිලුත් කළබල වී හදිසියේ ලංකාවට පැමිණෙයි…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ලබන 24 දා විවාදයට ගැනීමට නියමිතයි. ඔහු ඉවත් කිරීමට නම් ඒ සදහා 113 ක බහුතරය ලබාගත යුතු අතර, මේ වන විට එය ආණ්ඩුවට අභියෝගාත්මක ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවටද තොරතුරු අනාවරණ වනවා.

    අදාළ අවස්ථාව නැරඹීම සදහා තමන්ට හා දරුවන්ට මැතිසභයට පැමිණීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසද ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීක්ද කර තිබෙනවා.

    කෙසේ වෙතත් ඔහු ඉවත් කිරිමට අදාළ යෝජනාවවේදී ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන බව සමගි ජනබලවේගය, ජවිපෙ, මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් සිටින ජී.එල්, විමල්, අනුර යාපා ඇතුළු කණ්ඩායම්ද මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදෙනු ඇති.

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    ඒ අනුව ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව 113 ක බහුතරයකින් සම්මත කිරීම යම් අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මෙම තත්ත්වය තවත් බරපතල වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක්ද ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන බවට හෝ ඡන්දය ලබාදීමෙන් වැලැකී සිටින බවට සිදුකර ඇති ප්‍රකාශයි.

    මේ අතර විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතාද මේ වන විට නැවත දිවයිනට පැමිණ තිබෙනවා. දේශපාලන ආරංචි පවසන්නේ ජනක ඉවත් කිරීමට අදාළ යෝජනාව සම්මත කරගැනීම සදහා අවශ්‍ය බලමුළු තරකිරීම වෙනුවෙන් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව