රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට රවී කරුණානායක පත්කළ යුතු බවට මත පළවෙමින් තිබෙනවා. සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබීම තවත් විශේෂත්වයක්.
සරත් මනමේන්ද්‍ර මහතා පෙන්වා දී ඇත්තේ රවී කරුණානායක යනු උගත් බුද්ධිමත් හා ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකු බවද පවසන මනමේන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ ඔහුට පක්ෂ මහලේකම්ධුරය වැනි ඉහළ තනතුරක් ලබාදෙන්නේ නම් තම පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානම් බවද ඔහු සදහන් කර තිබෙනවා.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව රවී කරුණානායක මහතාට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවද මනමේන්ද්‍ර මහතා අවධාරණය කර තිබෙනවා. ඊට පෙර ඔහු ඉදිරියට ගැනීම වෙනුවෙන් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදිය යුතු බවද මනමේන්ද්‍ර මහතා පෙන්වාදී ඇති කාරණයයි.