fbpx
More

    විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් තීරණ රැසක් – උපාධිධාරීන් යටතේ වැඩපිළිවෙල ඉදිරියට…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට අදාළව පැහැදිලි හා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

    විශ්‍රාම වැටුප ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් විශ්‍රාමිකයින් බලවත් අපහසුතාවට පත්වන අතර, මෙම ගැටළුව දීර්ඝ කාලයක් පුරා පවතින ගැටළුවක් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇති තොරතුරු මත පදනම්ව මෙම තත්ත්වයන් වැලැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී තිබෙන්නේ.

    ඒ අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී තිබෙනවා. කෙසේ වෙතත් අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ගැටළු මතුවන බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    එමෙන්ම විශ්‍රාම වැටුප පිළිබඳ නිසි පරිදි තොරතුරු දැනගැනීමට විශ්‍රාමිකයින්ට අයිතියක් ඇති අතර, ඒ සඳහා සාධාරණය ඉටුකිරීම වෙනුවෙන්ද පැහැදිලි වැඩපිළිවෙලක් දියත් විය යුතු බව පාර්ලිමේන්තු අධීක්‍ෂණ කාරක සභාවේ නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා. එබැවින් මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක විය යුතු බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

    එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරීම සඳහා උපාධිධාරී නිලධාරියෙක් පත් කිරීමටද යෝජනා වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව