අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50 න් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 1030ක්.
වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1350ක්.
රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325ක් දක්වා රුපියල් 10 න් අඩුකර තිබෙනවා.
සෝයා මීට් කිලෝවක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660ක්.
ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129ක්.
සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 239ක්.