තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් බවද ඒ හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවද පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පවසනවා. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී රේගු අත්අඩංගුවට පත්ව ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා.
ඒක මං කරපු වරදක් නෙමෙයි. මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ. හැබැයි මාධ්‍යයේ ගියේ මාව. මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා. කවුරුත් බලන්නං කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා. වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ. ඒ නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.
මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ. මගේ බෑග් එකටත් ඒව දාල. එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම. කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා. ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මම. මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද… මේ වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ. ඒකයි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ….. යනුවෙන් ඔහු පවසා තිබුණා.