කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ඇයට ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ගරු තනතුරක් ලෙස මෙම තනතුර ලබා දී ඇතැයිද ඇයට කිසිදු වරප්‍රසාධයක් නොලැබෙන බවද එම ආරංචි පවසනවා.
තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙස හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා පමණක් අවසර හිමිවන බවද එම කාර්යාලයීය වාර්තා පවසනවා.