යූරියා පොහොරවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු කිරීමට නියමිත බව රජය පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ යූරියා පොහොර නෞකාවක් මේ වන විට දිවයිනට පැමිණ ඇති බවයි.
ආරම්භ වූ යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද යූරියා පොහොර අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පවසනවා. එමෙන්ම වසරේ තුන්වන කන්නයක් ආරම්භ කිරිමටද සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙරටට පැමිණෙන යූරියා නැවෙන් එන පොහොර ගොවීන්ට අඩු මිලට ලබාදෙන බවද බණ්ඩි පොහොර ද තරගකාරී මිලකට ලබාදීමට පියවර ගන්නා බවද ඔහු පවසනවා. හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදීමට නියමිතයි.
පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 40000 ක් ලබාදෙන අතර ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000 ඉක්මවනවා.