fbpx
More

    අප්‍රේල් ජනාධිපතිවරණයක් තිබුණා නම්, ජනපති අනුර – සජිතුත් පරාදයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජනාධිපතිවරණයක් අප්‍රේල් මාසයේදී පැවැත්වූයේ නම්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට 45% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවීමට ඉඩ තිබූ බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්.

    එම ආයතනය සෑම මාසයකට වරක් මෙම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් කළ අතර, නව සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවයි. පසුගිය සමීක්ෂණයේදී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්කර ගැනීම සුදුසු බවට 51% ක් ප්‍රකාශ කර තිබුණා.

    මේ අතර මෙවර සමීක්ෂණයේදී සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී ඇති ජනප්‍රසාධය 37% ක්. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබද විශ්වාසය තබා ඇති ප්‍රතිශතය 13% ක් වන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ 6% ක ප්‍රතිශතයක් පමණයි.

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව