නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසන්නේ රාජ්‍ය සේවකයින් සඳහා ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදෙන බවයි. එය දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් වන බවද ඇමැතිවරයා පවසනවා.
එමෙන්ම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙනවා.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා.