fbpx
More

    ජනක සිය ජනාධිපතිවරණ මෙහයුම අරඹයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිධුරයෙන් නෙරපන ලද එහි හිටපු සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙමින් සිට දේශපාලන ගමන ආරම්භ කිරිමට සූදානම් වනවා. මහජන පවුර නැමැති සංවිධානයක් විසින් සංවිධානය කරන එම රැස්වීම අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

    තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද එහිදී වැඩි ඡන්දයෙන් ජනාධිපති ලෙස පත්වන බවද ජනක රත්නායක මහතා මේ වන විට පවසා තිබෙනවා. ඔහු යූ ටියුබ් නාළිකාවකට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ තමන් නියත වශයෙන්ම ජනාධිපතිවන බව විශ්වය විසින් දැනුම්දී ඇති බවයි.

    තමන් අදින ඇදුම ඉතා විශේෂ බවද එය ඉන්දීය අගමැතිවරයාද අනුගමනය කරන බව පවසන රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉන්දීය අගමැතිවරයාටද පෙර සිට තමන් එම ඇදුම භාවිතා කළ බවයි.

      පිටපත කාගේද - රට තුළ තවත් කළබලයක් ඇති කිරීමේ බරපතල සැලසුමක්..?

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව