ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණයට පැමිණි බවද ඇමැතිවරයා පවසනවා.