ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පසුගියදා පැවති රැස්වීමකදී මෙම තීරණයට පැමිණ තිබෙනවා. අමාත්‍ය කංචන විජේසේකර මහතා නව කෝටාව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණා.
ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණය ක්‍රියාත්මක අතර, මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණයද කඩිනමින් දැනුම්දීමට පියවර ගනු ඇති බවයි සංස්ථා ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පැවැසුවේ ඉදිරි කාලයේ සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනයත් සමග ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි.
“මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා. එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට. ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා. දැනට යතුරුපැදියකට ලීටර් 7යි දිලා තියෙන්නේ… ඒක 14ක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රීරෝද රථයට තියෙන ලීටර් 7ත් 14ක් බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා. වැඩිවෙන ප්‍රමාණයන් ටික අපි නිවේදනය කරනවා මිල සංශෝධන වෙන අවස්ථාවේදීම.”