fbpx
More

    බදු ප්‍රතිපත්ති දැඩි කරයි – බදු නඩු වෙනුවෙන් වෙනම අධිකරණයක්…

    Must read

    දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමානුකූල වැඩපිලිවෙලක් සකසා ඇති බවත්, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවතු් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට අදි ඇදී පවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

    එමෙන්ම බදු කටයුතු සඳහා පවතින නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් , බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව