ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් ඇමැතිවරුන් මෙන්ම හිටපු ඇමැතිවරුන්ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබෙනවා. හදිසි සාකච්ඡාවක් ලෙස මෙම සාකච්ඡාව කැඳවා ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ. අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
කැබිනට් ඇමැතිවරුන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරුන්ටද රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන කිහිපදෙනෙකුටද මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇතැයිද එම ආරංචි පැවැසුවා.
කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම, ඒ සඳහා ඇති අවශ්‍යතාව මෙන්ම විෂය පථයන් බෙදා හදා ගැනීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකිරිම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.