fbpx
More

    දේශීය වෛද්‍ය ඇමැති සම්බාහන මධ්‍යස්ථාන ගැන කියයි…

    Must read

    රට පුරා විවිධ ආකාරයේ සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් පිහිටා ඇති බවද ඒවායෙන් සම්බාහන මධ්‍යස්ථාන බහුතරයක තත්ත්වය ඉතා අප්‍රසන්න බවද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒවා බහුතරයක ඉතා අප්‍රසන්න සිදුවීම් සිදුවන බවයි.

    මෙම සම්බාහන මධ්‍යස්ථානවල තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරන බව පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, එම මධ්‍යස්ථාන කාන්තාවකට නොව පිරිමියෙකුටද යාමට සුදුසු නොවන තත්ත්වයේ පවතින බවයි.

    මෙම තත්වය වෙනස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාව සමඟ එක්ව පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ජාතික සහ ජාත්‍යන්තරව සම්බාහන මධ්‍යස්ථාන ගොඩනැගීමේ වැඩසටහනක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවද ඇමැතිවරයා පවසනවා.

    බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඇමැතිවරයා මේ බව පැවැසුවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව