fbpx
More

    මස්, මාළු සහ බිත්තර මිලේ ලොකු වෙනසක්….

    Must read

    කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට පැවති කුකුලු මස් මිල රුපියල් 1600 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එමෙන්ම මාලු මිළ ද ඉහළ ගොස් තිබෙනවා. පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 ක්, බලයා කිලෝව රුපියල් 1400 ක්, පරා කිලෝව රුපියල් 1700 ක් තලපත් කිලෝව රුපියල් 2700 ක් සාලයා කිලෝව රුපියල් 400 ක් ලින්නා කිලෝව රුපියල් 1500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි පවසන්නේ.

    එමෙන්ම මේ තත්ත්වය තුළ සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන් සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බව දක්නට ලැබෙනවා. කෙලවල්ලා කිලෝව රුපියල් 3200 ක් සහ බලයා කිලෝව රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පරා කිලෝව අළෙවි වන්නේ රුපියල් 2400 ක් වැනි මිලකටයි. තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 ත් අතර අගයක පවතින අතර, සාලයා කිලෝව රුපියල් 650 ක් සහ හැඩැල්ලා කිලෝව රුපියල් 1950 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    මේ අතර බිත්තර සඳහා රජය පාලන මිළක් පැනවීමට පියවර ගෙන තිබුණද සාමාන්‍ය වෙළපොළේ බිත්තරයත් රුපියල් 55 ක් වැනි මිල ගණන් යටතේ අළෙවි වෙමින් පවතින බවයි වෙළඳපොළ ආරංචි පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව