fbpx
More

    පිටපත කාගේද – රට තුළ තවත් කළබලයක් ඇති කිරීමේ බරපතල සැලසුමක්..?

    Must read

    රට තුළ බිහිසුනු තත්ත්වයක් ඇති කිරීමේ බලවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද එය කිසියම් කණ්ඩායමක සැලසුමකට අනුව ක්‍රියාත්මක වන බවද බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දා භික්ෂූන්වහන්සේලා පිරිසක් ත්‍රිකුණාමලයේ සිට පිණ්ඩපාතයේ වැඩිම හා ඊට එරෙහිව නැගුණු විරෝධතාද ජෙරොම් ප්‍රනාන්දු යන අයගේ ආගමික වෛරය දනවන ප්‍රකාශයන්ද අනතුරුව අනුග්‍රහයන් මත නටාෂා යන අය ලවා සිදුහත් චරිතයට නිග්‍රහ කිරීම යන සිදුවීම් මෙම තුළින් මෙම අනතුරුදායක තත්ත්වය හඳුනාගත හැකි බවයි බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ.

    නටාෂා එදිරිසූරියයන අය එම ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගිය අප්‍රේල් 1 වැනිදායී.කෙසේ වෙතත් එම වීඩියෝව මාස දෙකක් වැනි කාලයකට පසුව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද්දේ ඇයිද යන්න තවත් විමසීමක්. බුද්ධී අංශ පෙන්වාදී ඇත්තේ ආගමික නොසන්සුන්තාවයක් ඇති කිරීම සඳහා එය හිතා මතා සිදුකරන ලද්දක් විය හැකි බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    නටාෂා එදිරිසූරිය ගල්කිස්සේ බඩෝවිට බෝඩිමක ජීවත්වන කාන්තාවක්. ඇයට එරෙහිව බෞද්ධ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල පවතිනවා. එමෙන්ම අපහාස සිදුකර සමාව ඉල්ලා සිටීම තවත් මෝස්තරයක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මැලේසියානු ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් හදිසියේ වෙන් කරගෙන රටින් පැන යෑමට ඇයට උදව් කෙළේ කවුරුන්ද යන්න විමසීමට ලක්ව ඇති තවත් කාරණයක්.

    කෙසේ වෙතත් ඇය පවසා ඇත්තේ සිදුහත්ට අපහාස වූ බව කියන ප්‍රකාශය තමන් විසින් සිදුකළද එය තමන් වෙත ලැබුණු පිටපතකට අනුව සිදුකළ ප්‍රකාශයක් බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව