fbpx
More

    කළුතර තරුණියක් අතුරුදන්…

    Must read

    කළුතර, කොහුලාන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් අතුරුදන් වී තිබෙනවා. පසුගිය 28 දා ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ අතුරුදන් තරුණියගේ මව විසින්.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් හදාරන තරුණියක මෙලෙස අතුරුදන්වී ඇති බවද පසුගිය 28 දා අදාළ පාඨමාලාවට සහභාගීවීමට යන බව පවසා පිටත්ය ගියද මේ දක්වා ආපසු නොපැමිණි බවද මව පවසන බවද පොලිසිය සඳහන් කළා.

    මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය 28 දා ඇය අදාළ පාඨමාලාව සඳහා සහභාගී වී නොමැති බවයි. එමෙන්ම ඇගේ දුරකතනය ද ක්‍රියාවිරහිත වී ඇති බව පවසන පොලිසිය පෙන්වා දෙන්නේ අතුරුදන් තරුණිය සෙවීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව