පක්ෂය ඉදිරියට ගෙනයාමෙ වෙනුවෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ ක්‍රියාකාරීන් වෙත දැනුම්දී ඇති බවට තොරතුරු අනාවරණ වනවා. පක්ෂයේ කොටසක් ඉවත්වී නව සන්ධානයක් පිහිටුවීමේ වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ. බැසිල් රාජපක්ෂ මහතා සියළු දෙනාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂය අතට ගෙන එය ඉදිරියට මෙහෙවන ලෙසයි. නව සන්ධානයක් පිහිටුවීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදෙමින් සිටින සහ ඊට දායක වී සිටින මන්ත්‍රීවරුන්ට පණිවිඩ යවමින් ඔහු මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරියට යාමට ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් ගණන අතලොස්සක් බවට පත්වෙමින් ඇති වාතාවරණයක් නිර්මාණය වී ඇති අතර, මෙම තත්ත්වයෙන් මිදී පක්ෂය ඉදිරියට ගෙනයාම බැසිල් රාජපක්ෂ මහතා මුහුණ දී සිටින ප්‍රබලතම අභියෝගයයි.
පසුගියදා පැවති ආසන බල මණ්ඩල ඇමතීමට සහභාගී වී සිටි මන්ත්‍රීවරුන් පිරිස දුටු විට අතිශය කණගාටුවක් ඇතිවන බවද ඔහු පවසා තිබෙනවා. ආසන බල මණ්ඩල ඇමැතීමට තරම් හෝ මන්ත්‍රීවරුන්ගේ දායකත්වයක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති අතර, මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහළම තැනකට ඇද වැටී ඇති බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.