fbpx
More

    ඇත්ත නොකියනු – ලිංගික හිංසනවලට ලක්වූ පාර්ලිමේන්තු සේවිකාවන්ට තර්ජන…

    Must read

    පාර්ලිමේන්තු සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මහලේකම්වරියගේ නියෝගයකට අනුවයි.

    පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවූ පරීක්‍ෂණවල ප්‍රතිපලයක් ලෙසයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූ සේවිකාවන් විසින් ලබාදී ඇති තොරතුරු මත පදනම්ව මේ පිළිබඳ පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    මෙම ලිංගික හිරිහැර සිදුකිරීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද පියවර ගත්තේ විධීමත් පරීක්‍ෂණයක් සිදුකිරීමටයි. අදාළ කමිටුව හමුවේ සේවිකාවන් පිරිසක් ස්වෙච්ඡාවෙන් පෙනී සිට සිදුවූ හිංසන පිළිබඳ කරුණු අනාවරණ කර තිබෙනවා.

    සහකාර ගෘහ පාලකවරයා හැර තවත් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් සිදුවීම්වලට අදාළව තොරතුරු අනාවරණ වී ඇති අතර, සෙසු නිලධාරීන් සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    හිංසනයට ලක් වූ සේවිකාවන්ට මේ වන විටත් බරපතල ලෙස තර්ජනය කිරීම් හා බියවැද්දීම් සිදුවෙමින් පවතින බවද පාර්ලිමේන්තු ආරංචි පවසනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමෙන් වැලැකී සිටින ලෙස බලකරමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව