විජය කුමාරතුංගයන්ගේ චරිතය පාදක කොටගෙන නවතම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. විජය කුමාරතුංගයන්ගේ ඥාති පුත්‍රයකුද වන රන්ජන් රාමනායක විසින් එම කටයුත්ත බාරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහයා රංජන් රාමනායක මහතා පසුගියදා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මුණගැසී තිබුණා.
‘විජය’ ලෙස මෙම චිත්‍රපටය නම්කර තිබෙනවා. ලයිකා මොබයිල් හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් විසින් ඊට ප්‍රතිපාදන සපයන බවටයි තොරතුරු අනාවරණ වන්නේ.